fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා මාර්තු 3 තෙක් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2021 19:23

නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා මාර්තු 3 තෙක් රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ ඔහුගේ මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා මාර්තු 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

නඩුව යළි කැදවන අවස්ථාවේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කරන ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කළා.

පෙර පුවත


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරකයන් සමග සමීප සබදතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමේ චෝදනා එල්ල වී ඇති නීතිඥ හිජාස් හිස්බුල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගුකලක් සිදුකළ විමර්ශනවල උද්ධෘත අධ්‍යයනය කළ නීතිපතිවරයා කියා සිටියේ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔහු සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ඔහුට චෝදනා ගොනු කරන ලෙසද නිතිපති උපදෙස් ලැබී තිබුණා. ඒ අනුවයි ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණේ. මේ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ද දේශන පැවැත්වූ බව කියන මුන්දලමේ පිහිටි ඔහුගේ මද්‍රසා පාසලක විදුහල්පතිවරයෙකු වන මොහොමඩ් ෂකීල් යන අය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණා.

ඒ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්. පාස්කු ප්‍රහාරයට පෙර මෙම මද්‍රසා පාසලේ දරුවන්ට ත්‍රස්තවාදි පුහුණුව ලබා දී ඇති බව විමර්ශනවලින් හෙළිව තිබුණා. පාසල පවත්වාගෙන ගොස් ඇති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයන් ද පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු ත්‍රස්තයන් බවයි හෙළි වුණේ. නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අයත් මෙම මද්‍රසා පාසලට රාජ්‍ය නොවන සංවිධානයකින් රුපියල් මිලියන ගණනින් මුදල් ලැබී ඇති බව විමර්ශන වලින් හෙළිකරගෙන තිබෙනවා. මොහුගේ මද්‍රසා පාසලේ තිබූ ග්‍රන්ථ 3 ක කරුණු මගින් දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවා තිබේ ද යන්න ගැනද සොයා බලා කරුණු වාර්තා කරන ලෙස අධිකරණය මිට පෙර නියෝග කර තිබුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2021 19:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්