fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා එන්නත් ලොව පුරා සමානව බෙදී නොයෑම බරපතල තත්වයක් – එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2021 16:22

කොරෝනා එන්නත් ලොව පුරා සමානව බෙදී නොයෑම බරපතල තත්වයක් – එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

කොරෝනා වයිරස මර්දන එන්නත් ලොව පුරා සමානව බෙදී නොයෑම පිළිබද බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසනවා.

කොරෝනා වයිරස් මර්දන එන්නත්වලින් සියයට හැත්තෑ පහක ප්‍රතිශතයක් රටවල් දහයක් අතර බෙදී ගොස් තිබෙනවා. රටවල් එකසිය තිහකට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. කොරෝනා මර්දන එන්නත් බෙදාහැරීම ලොව පුරා බලාපොරොත්තු ඇතිකරවන සුළු තත්ත්වයක් වුවද බෙදීයාම පිළිබද විෂමතා පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ සදහා හැකි ඉක්මණින් ක්‍රමවේදයක් සකසන ලෙස ජී විස්ස කණ්ඩායම අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2021 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්