68 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරඹෙයි
Related Articles
68 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය කොළඹදී ආරම්භ කෙරුණා.
සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් අනුගමනය කරමින් ආරම්භ කළ මෙම තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 825 දෙනෙකු තරග වදිනවා. ලබන 21 වනදා දක්වා වයස් කාණ්ඩ 3 ක් යටතේ විවෘත හා ප්රවීණ වශයෙන් තරග පැවැත්වෙනවා. ඒකළ, යුගළ හා මිශ්ර තරග පැවැත්වෙන මෙම තරගාවලිය සංවිධාන කර ඇත්තේ ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමයයි. ධම්මික
මේ අතර මෙරට ප්රථම වරට සංවිධාන කෙරුණු සුපර්ලීග් පාපන්දු තරගාවලිය සුගතදාස ක්රීඩාංගනයේදී ආරම්භ කෙරුණා. පානදුර රෙඩ් ස්ටාර් කණ්ඩායම හා කලුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම අතර පැවති තරගයෙන් දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට රෙඩ් ස්ටාර් කණ්ඩායම සමත්වුණා. මෙරට ප්රමුඛ පෙළේ පාපන්දු කණ්ඩායම් 10 ක් තරගාවලියට එක්ව සිටිනවා.