දෙමාපියන් එක්ක දරුවනුත් ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකට ගේන්න ක්‍රීඩා ඇමති සූදානම්
Related Articles
දෙමව්පියන් ක්‍රීඩාපිටියෙන් ඉවත් වීම නිසා දරුවන් ද ක්‍රීඩාපිටියෙන් ඉවත් වූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ෆුට්බෝල් ෆ්‍රයිඩේ වැඩසටහන පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සෑම සිකුරාදා දිනකම කොළඹ තුරග තරග පිටියේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි. දෙමව්පියන්ට හා දරුවන්ට එක්ව ක්‍රීඩා කිරීමට මෙහිදී ඉඩ සැලසෙනවා. පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.