fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ජාත්‍යන්තරය නියෝජනය කිරීමේදී සියලු පාර්ශ්ව එක්ව ක්‍රියා කළ යුතුයි – විදේශ ඇමති

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 19:42

රට ජාත්‍යන්තරය නියෝජනය කිරීමේදී සියලු පාර්ශ්ව එක්ව ක්‍රියා කළ යුතුයි – විදේශ ඇමති

රට ඇතුළේ දේශපාලනය හෝ කුමන දේ කළද විවිධ මත සහ විවිධ චෝදනාත් එල්ල කර ගැනීම සිදුවුවත් රටක් ලෙස ලෝකයා ඉදිරියේ කතා කරද්දි රට වෙනුවෙන් එක හඩක් මතුවෙනවනම් එය රටට ඉතාමත් වැදගත් බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන පවසනවා.

විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

අපේ රට ජාත්‍යන්තරය නියෝජනය කිරීමේදී සියලු පාර්ශ්ව එක්ව ක්‍රියා කිරීම තුළින් යහපත් ප්‍රතිඵල අත්කරගත හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

අසල්වැසි ඉන්දියාවේ අභ්‍යන්තර මතභේද තිබුණ ද ජාත්‍යන්තර වේදිකාවේ එකම ජාතියක් ලෙස රට නියෝජනය කිරීමට ඔවුන් කටයුතු කරන ආකාරය ද අමාත්‍යවරයා පැහැදිලි කළා. ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවුණා.

රුමේනියාව හා ස්පාඤ්ඤයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යවරයා කමිටුවට දැනුම් දුන්නා.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 19:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්