fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර අවසන් කළ වහාම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 11:52

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර අවසන් කළ වහාම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර අවසන් කළ වහාම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (16) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ජනාධිපතිතුමාගෙන් විමසූ බවත් එහිදී මෙම වාර්තාවේ පිටපත් සකස් කර අවසන් වීමෙන් පසු විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට කටයුතු කෙරෙන බව පැවසූ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්