fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිනමාවේ සිහින කුමරා විජය ඝාතනය කර අදට අවුරුදු 33 යි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 11:29

සිනමාවේ සිහින කුමරා විජය ඝාතනය කර අදට අවුරුදු 33 යි

සිංහල සිනමාවේ ජනප්‍රියතම නළුවෙකු සහ දේශපාලනඥයෙකු වූ විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 33 ක් සම්පූර්ණ වනවා.

සුගතපාල සෙනරත් යාපා  අධ්‍යක්ෂණය කළ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රග දක්වමින්  සිනමාවේ දිගු ගමනකට අත්පොත් තැබූ විජය කුමාරතුංගයන් චිත්‍රපට 114 ක පමණ ප්‍රධාන චරිත රගපා තිබෙනවා.

එයා දැන් ලොකු ළමයෙක්,  පොන්මනි,  බමරු ඇවිත්,  ගග අද්දර,  බැද්දේගම,  පාරදිගේ,  මහගෙදර,  කැඩපතක ඡායා ඇතුලු විශිෂ්ට ගණයේ නිර්මාණ රැසකට විජය කුමාරතුංගයන් සිය රංගන දායකත්වය ලබාගෙන තිබෙනවා. සරසවිය ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය 1983 වසරේ සිට 1988 වසර දක්වා නොකඩවා දිනා ගැනීමට ඔහු සමත් වුණා. ගායනයෙන් ද විශේෂ දක්ෂතාවක් පෙන්නුම් කළ විජය කුමාරතුංගයන් හොදම පසුබිම් ගායකයාට හිමි සම්මානය ද දෙවරක් දිනාගෙන තිබෙනවා.

සම සමාජ පක්ෂයෙන් දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කළා. 1983 අතුරු මැතිවරණයේ දී මහර ආසනයට සහ 1984 වසරේ අතුරු මැතිවරණයේ දී මින්නේරිය ආසනයට ඔහු   තරග වැදුනා.  ජාති ආගම් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනාදරයට පත් කෘතහස්ත මානව හිතවාදී චරිතය විජය කුමාරතුංගයන් 1988 වසරේ පෙබරවාරි 16 වනදා මධ්‍යහනේ සහසිකයෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් මෙලොවින් සදහටම සමුගත්තා.

කටුනායක 18 කණුව විජයකුමාරතුංග සමාධිය අසලදී සැමරුම් උත්සවයක් අද පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග,  හිටපු අමාත්‍යවරුන්  වන ජීවන් කුමාරතුංග සහ ෆීලික්ස් පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන්.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2021 11:29

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්