සිදු වූ රිය අනතුරුවලින් ඊයේ දිනයේ පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. රිය අනතුරුවලින් දිනපතා පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබන බවයි පොලීසිය පවසන්නේ.
කොත්මලේ හරංගල මාර්ගයේ රත්මලපිටිය ප්ර දේශයේ දී ත්රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි නාවලපිටිය පොලිසිය සදහන් කළේ. මිය ගොස් ඇත්තේ හරංගල ප්ර දේශයේ පදංචි ආර් එම් බුද්ධික නැමති 30 හැවිරිදි තරුණයෙක්. කාර්මික දෝෂයක් හේතුවෙන් ත්රි රෝද රථය අනතුරට ලක්වන්නට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා.
හලාවත මාදම්පේ මැදගම ප්රදේශයේ දී වැලි ප්රවාහනය කළ ටිපර් රථයකට යට වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස අනතුරට ලක්වුණේ. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.