දෙමළ පක්ෂ කිහිපයක නායකයන් යාපනයේදී විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමේ අදහසක් ඇති බවට එම පක්ෂයේ ප්‍රධානියෙකු කර තිබෙන ප්‍රකාශය ප්රජාතන්ත්ර විරෝධි බවයි විද්වතුන් පවසන්නේ.
දෙමළ පක්ෂ කිහිපයක නායකයන් ඇතුලු නියෝජිතයන් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන්නේ යාපනයේ පෞද්ගලික හෝටලයකදීයි. ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා දෙමළ සන්ධානය නියෝජනය කරමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එම් කේ සිවාජිලිංගම් ඊල තමිල් පක්ෂය නියෝජනය කරමින් ආනන්දි ශෂිදරන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා. දෙමළ ජනතා ගැටලුවලට විසදුම් ලබා ගැනීම සදහා මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි ඔවුන් පවසා තිබෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමේ සැලැස්මක් ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණා. මේ සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීති විශාරදයෙකු වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ මෙය රටක අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමක් බවයි. මෙවැනි සැලැස්මක් ඇත්නම් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දේශපාලන අයිතීන් පිළිබද කමිටුවට ඉදිරිපත් කර එය පරාජය කිරීමට කටයුතු කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/wffI3-nHx9I”]