ඇනවුම් කළ පළමු ෆයිසර් එන්නත් තොගය අද ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට ලැබුණු බව වාර්තා වනවා.
ඒ අනුව එළඹෙන සතියේදී ඕස්ට්‍රේලියාවේ එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි. එන්නත් මාත්‍රා එක්ලක්ෂ හතලිස් දෙදහසක් පළමු අදියරේදී ඔවුන් මිලදී ගෙන තිබෙනවා. සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සේවයේ නියුතු පුද්ගලයින් හට එම එන්නත් සංඛ්‍යාව ලබා දීමට නියමිතයි. මේ අතර එන්නත් මිලදී ගැනීමේ පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා හැටදහසක් නවසීලන්තය මිලදී ගෙන තිබෙනවා. එරට තුළද එන්නත් ලබාදීම ඉදිරි සතිය ඇතුළතදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කරනවා.