ඇස්ට්‍රාසෙනිකා එන්නත කොරෝනා වයිරස නව ප්‍රභේද සඳහා ද භාවිත කිරීමට සුදුසු ආරක්ෂාකාරී හා කාර්යක්ෂමතාව වැඩි එන්නතක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
දකුණු අප්‍රිකාව පසුගිය සතියේදී ඇස්ට්‍රා සෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමත් සමඟයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව සඳහන් කරන්නේ. දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කොරෝනා නව ප්‍රභේදයට මෙන්ම බ්‍රිතාන්‍යයේ කොරෝනා නව ප්‍රභේදයටද සාර්ථකව මුහුණ දීමට ඇස්ට්‍රා සෙනිකා එන්නතට හැකියාව ඇති බව එම සංවිධානය තවදුරටත් පවසනවා. එම නව ප්රභේදවල ක්‍රියාකාරීත්වය අවම කිරීමටද ඇස්ට්‍රා සෙනිකා එන්නත සමත් බවයි වාර්තා වන්නේ. මේ වනවිටත් ලොව පුරා රටවල් රැසක ඇස්ට්‍රා සෙනිකා එන්නත වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා භාවිත වනවා.