කොරෝනාවලට එරෙහිව සියලු රටවැසියන් එන්නත් කළ ලොව එකම රට බවට ශ්රී ලංකාව ඉදිරියේ දී පත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතා පවසනවා.
දොම්පේ මැතිවරණ කොට්ඨාශයේ දියවාල ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සදහා ඉදිකළ නව නිවසක් භාරදිමේ අවස්ථාවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. වත්මන් රජය යටතේ රටට විදේශ ආයෝජකයන් පැමිණීමද ඉහළ ගොස් ඇති බව මන්ත්රීවරයා පෙන්වා දුන්නා.