ප්‍රවීණ රංගන ශිල්පියෙකු වගේම නාට්‍ය හා රංගකලාව පිළිබද විද්වතෙකු වූ අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු පිරිසක් එක්වුණා.
1964 වසරේ නොවැම්බර් පළමුවනදා උපත ලැබූ ජයලාල් රෝහණයන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සිප්සතර හැදෑරුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබාගත්තා. 1976 වසරේ කලා ක්ෂේත්රයට පැමිණි ජයලාල් රෝහණයන් රංගන ශිල්පියෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු, වේශ නිරූපන ශිල්පියෙකු ඇතුළු ක්ෂේත්‍ර රැසකින් කලාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදුන්නා.
ජයලාල් රෝහණයන් ස්වාධීන රූපවාහිනී දොරමඩලාව හා ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන්වල ප්‍රධාන සම්පත්දායකයෙකු ද වනවා.
ඒ මහතාගේ දේහය අංක පනහෙන් තුන ශ්‍රී සීලානන්ද මාවත, කොස්සින්න, ගනේමුල්ල යන ලිපිනයේ පිහිටි නිවසේ අද පස්වරු තුන දක්වා තැන්පත්කර තැබෙනවා. අනතුරුව දේහය බොරැල්ල ශ්‍රී සුදර්ශී ශාලාව වෙත රැගෙන යාමට නියමිතයි.
දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් මෙන්ම ජයලාල් රෝහණයන්ට ආදරය කරන බොහෝ පිරිසක් එක්ව සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/3Ua_hqtAI3A”]