කොවිඩ් වයිරසය ආරම්භ වීම සම්බන්දයෙන් සකස් කළ අතුරු වාර්තාවක් ලබන සතියේදී ඉදිරිපත් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්රකාශකළා.
තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් සිය පරික්ෂණ සිදුකරන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
වයිරසය බිහි වීම සම්බන්දයෙන් උපකල්පන කිහිපයක් හදුනාගෙන තිබෙනවා. ඒවා තහවුරු කිරිමයි අරමුණ.
ඉතා දුෂ්කර අවස්ථා යටතේ සිය පර්යේෂණ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.