fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික මධ්‍යස්ථාන අතරමැදි මාෆියාවට යටවෙන්න ඉඩතබන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2021 15:12

ආර්ථික මධ්‍යස්ථාන අතරමැදි මාෆියාවට යටවෙන්න ඉඩතබන්නේ නැහැ

බිලියන ගණන් මුදල් වැය කළ ඉදිකර ඇති ආර්ථික මධ්‍යස්ථාන අතරමැදි මාෆියාවට යටවෙන්න ඉඩතබන්නේ නැති බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අවධාරණය කළා.

ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට එළවලු මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2021 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්