ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ග්රාමීය ජනතාවගේ ගැටලු සොයා බලා විසදුම් ලබා දෙන ජනපති ගම සමඟ පිළිසදරක් වැඩසටහනේ මීළග අදියර මීමුරේ ගම්මානයේ දී හෙට ක්රියාත්මක වනවා.
ගම සමඟ පිළිසදරක් වැඩසටහන් මාලාවේ 13 න් වැන්නයි උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ගම්මානයේදී හෙට (13) ක්රියාත්මක වන්නේ.
රාවණා රජු වාසය කළ බවට සැලකෙන මීමුරේ ගම්මානයට මෙසේ ජනාධිපතිවරයෙකු පැමිණෙන්නේ පළමුවරටයි. අවට ග්රාම නිලධාරී වසම් පහක ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට ගම සමග පිළිසදරක් වැඩසටහනෙන් හැකියාව උදාවනවා.
පවුල් 300ක් පමණ ජීවත්වන මීමුරේ ගම්මානය පිහිටා ඇත්තේ හුදෙකලාවයි.
තමන්ගේ ගම්මානවල ගැටලු විසදීම සදහා ජනාධිපතිතුමා තමන් අසළටම පැමිණීම අගය කළ යුතු බවයි ප්රදේශයේ බොහෝ දෙනා කියා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/aiOS2dKLsq8″]