බදුල්ල, මඩොල්සිම ඇකිරිය ග්‍රාමනිලධාරී වසමේ ගම්මාන දෙකකට සුලු භූ කම්පන තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා.
අද (12) අලුයම්කාලයේ එම කම්පන තත්ත්වයන් හටගත්බවයි ප්‍රදේශවාසීන් සදහන් කළේ. මඩොල්සිම ඇකිරිය ග්‍රාමනිලධාරී වසමේ එගොඩ ගම අලුත්වත්ත හා පල්ලෙවෙල යන ගම්මානවලට අද අලුයම හතරයි පනස් තුනට පමණ මෙම භූකම්පන තත්ත්වය ඇති වුණා.
පසුගිය විසිදෙක විසිතුන හා තිස්එක යන දිනවලද මෙම ගම්මානවලට සුළු භූ කම්පන තත්ත්වයන් ඇතිවී තිබුණා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් ඇකිරිය ගම්මානයට පැමිණ පසුගිය 31 වනදා භූ කම්පන මාපකයක් සවිකළ අතර එය නැවත අධ්‍යයනය කිරීමට නියමිතයි.