fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණගේ අවසන් කටයුතු ගනේමුල්ල කොස්හින්න පොදු සුසාන භූමියේදී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2021 11:30

ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණගේ අවසන් කටයුතු ගනේමුල්ල කොස්හින්න පොදු සුසාන භූමියේදී

ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම නාට්‍ය හා රංගකලාව පිළිබද විද්වතෙකු වූ අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ අවසන් කටයුතු ගනේමුල්ල කොස්හින්න පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

කලාව වෙනුවෙන් ජයලාල් රෝහණයන් කළ මෙහෙය අපරිමිතයි.

වේදිකා නාට්‍ය,  ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට කිහිපයකටම සිය දායකත්වය උපරිමයෙන් ලබා දුන් ජයලාල් රෝහණ මහතා රංග කලා ශිල්පය පිළිබද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. එමෙන්ම ඔහු නාට්‍ය හා රංග කලාව පිළිබද පශ්චාත් උපාධියක් ද හිමිකර ගත්තා. ඉසුරු යෝගය ටෙලි නාට්‍යයේ මුතුමිණ චරිතයට පණ පෙවූ ජයලාල් රෝහණයන් පුංචි තිරයේ නොමැකෙන මතකයක් එක් කළා. ඔහු සුමති සම්මාන,  යෞවන සම්මාන ඇතුලු සම්මාන රැසක් හිමිකරගත් කලාකරුවෙකු ද වනවා. සබේ විදුලි විලක්කුව රංගා ලෝක ආදී ග්‍රන්ථ කිහිපයක් රචනා කර ඇති ඔහු වේදිකා ආලෝකකරණය පිළිබද හසල දැනුමක් තිබූ කලාකරුවෙක්.

ජයලාල් රෝහණයන් ස්වාධීන රූපවාහිනී දොරමඩලාව හා ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන්වල ප්‍රධාන සම්පත්දායකයෙකු ද වනවා.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගනේමුල්ල කොස්හින්න පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

එය සිදුකෙරෙන දිනය හා වේලාව පිළිබද අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2021 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්