ඊයේ (10) දිනයට හදුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 963 ක් වනවා.
අද (11) උදෑසන වන විට අලුතින් හදුනාගත් ආසාදිතයන් 963 දෙනා අතුරින් 08 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි. ඉතිරි 955 දෙනා දේශීයව හදුනාගත් අය වනවා.
මේ අතුරින් 298 ක් වන වැඩිම ආසාදිතයන් පිරිස හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, ගම්පහින් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 255 ක් වනවා.
මිනුවන්ගොඩ හා කොළඹ මත්ස්‍ය වෙළදපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 68,660 ක් දක්වා ඉහළ ගියා. මේ අතුරින් 64,250 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා.
මේ වන විට තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72,174ක් වනවා. මේ අතුරින් 6155 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. එමෙන්ම 65,644 දෙනෙකු සුවය ලැබුවා.
අද උදෑසන වන විට ත්‍රිවිද හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක පුද්ගලයන් 8918 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ පමණක් පීසීආර් පරික්ෂණ 16,493 ක් සිදු කර තිබෙනවා.
ඊයේ දිනය වන විට කොරෝනා එන්නත එක්ලක්ෂ හැත්තෑ හය දහස් හත්සිය විසි පස් දෙනෙකුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. ඊයේ දිනයේ පමණක් එන්නත් 2532 ක් ලබාදී තිබෙනවා.