fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලයේ කෝවිඩ් මරණවලින් 97% ක් ම එන්නත් ලබා නොගත් පුද්ගලයන් බව හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2021 14:33

ඊශ්‍රායලයේ කෝවිඩ් මරණවලින් 97% ක් ම එන්නත් ලබා නොගත් පුද්ගලයන් බව හෙළි වෙයි

ඊශ්‍රායලයේ සිදු වූ කෝවිඩ් මරණවලින් සියයට 97 ක් ම එන්නත් ලබා නොගත් පුද්ගලයන් බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරන්නේ සිය ජනතාවට උපරිම වශයෙන් ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බවයි. එරට මිලියන 09 ක ජනතාවක් ජීවත් වන අතර සියයට 38 ක් මේ වන විට කොරෝනා එන්නත ලබාගෙන තිබෙනවා. ඉදිරි මාසය වන විට ජනතාවගෙන් සියයට 50 කට කොරෝනා එන්නත ලබාදී රටේ ආර්ථික කටයුතු සම්පූර්ණයෙන් ආපසු ආරම්භ කිරීම අපේක්ෂා කරන බවයි නෙතන්යාහු සදහන් කර තිබුණේ.පසුගිය දින 30 දක්වා කාලය තුළදී ඊශ්‍රායලයේ කෝවිඩ් ආසාදිතයින් 1536 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2021 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්