අවුන්සාන් සුචීගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයේ මුලස්ථානය වෙත මියන්මාර හමුදාව කඩා වැදී එය විනාශ කර ඇති බවට පක්ෂ සාමාජිකයන් චෝදනා කරනවා.
හමුදාව පැමිණෙන අවස්ථාව වන විට ගොඩනැගිල්ල තුළ කිසිඳු පක්ෂ සාමාජිකයෙකු නොසිටි බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ. මේ වනවිට අවුසාන් සුචි සහ ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මුදා හරින ලෙස හමුදා පාලනයට බලකරමින් උද්ඝෝෂණ ව්‍යාපාර මාලාවක් මියන්මාරය පුරා ක්‍රියාත්මකයි. අවුසාන් සුචී සහ ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨයන් සිටින ස්ථාන පිළිබඳ නිශ්චිත අදහසක් තවමත් නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. හමුදා කුමන්ත්‍රණය සිදු වූ අවස්ථාවේ සිට මේ දක්වා අවුසාන් සුචී දැකගැනීමට හැකි වී නැහැ.