සීදූව සහ කොස්ගම ප්රදේශවලදී සිදු වූ රියඅනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මීගමුව කොළඹ මාර්ගයේ 18 කණුව පන්සල පාර අසලදී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිසාවටම ධාවනය වූ යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගියා. මෙලෙස මිය ගියේ අවුරුදු 56 ක් වයසැති නූගපෙ පමුණුගම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි. ලොරි රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
මේ අතර අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ සාලාව ප්රදේශයේදී ත්රීරෝද රථයක් සහ බවුසරයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයෙකු මිය ගියා. ත්රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකුයි අනතුරෙන් මිය ගොස් තිබෙන්නේ. අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනෙකු අවිස්සාවෙල්ල රෝහලේ ප්රතිකාර ලබනවා. බවුසර් රථයේ රියදුරු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.