ජනතාව අපේක්ෂා කළ සංවර්ධනය කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශකළා.
ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්විමට එක්වෙමින්. වසර පහක කාලයක් සදහා ජනතාව බලාපොරොත්තු වූ කාර්යන් ඉටු කිරිමයි මූලික අරමුණ. ඒ සදහා අවශ්‍ය ශක්තිය හා පලපුරුද්ද සහිත රාජ්‍ය නිළධාරින් පිරිසක් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
වෙරළ කාදනය වැළැක්වීම සදහා ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක්වුණා. ප්‍රධාන මාර්ගවල සිට ජනතාවට වෙරළට සමීප වීමට ඇති මාර්ග අවහිර වීම වළක්වන ලෙසයි අග්‍රාමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේ.
මෙට්‍රෝ මාර්ග පද්ධතිය සකී‍්‍රය කිරිම සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කරුණු විමසීමක් කළා. වාහන තදබදය අවම කරමින් කාර්යක්ෂම ප්‍රවාහන සැලැස්මක් හදුන්වාදීමයි එහි අපේක්ෂාව.