බරපතල අපරාධ හා මත්ද්‍රව්‍ය වැරදි පිළිබද විමර්ශන මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා.
අදාළ විමර්ශන වාර්තා අධි චෝදනා ගොනු කිරීම සදහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/4VdW6Vyt8dM”]
පසුගිය වසර දෙකක කාලය තුළදී අපරාධ නඩු විසිහයදහස් හත්සිය නවයකට අදාළ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව නිමකර තිබෙනවා. 2019 වසරේ ජනවාරි 01 වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලයට අදාළව එම නඩු කටයුතු නිම කෙරුණා.
මේ අතර නඩු කටයුතු 14083 ට අදාළව අධි චෝදනා භාරදීම සදහා ඒවා මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමටද නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තා.