ඌව පරණගම වල්ලියද්ද කඩදොර ගම්මානයට පිවිසීම සදහා හාල්ඔය හරහා ඉදිකර ඇති පාලම දැන් පවතින්නේ ඉතා අබලන් තත්ත්වයේ. වසර 40 ට පමණ පෙර ඉදිකෙරුණු මේ පාලම පිළිසකර කිරීමක් සිදුවෙලා නැහැ.
කුරුදුගොල්ල මුදනාව ලක්දුම ඇතුලු ගම්මාන රැසක ගැමියන්ට සිය ගම්මානවලට ප්රවේශවීම සදහා ඇත්තේ මේ පටු පාලමයි. ඔවුනට වෙනත් මාර්ගවලින් ගමන් කරන්නට සිදුවුණහොත් විශාල දුර ප්රමාණයක් ගෙවීමට සිදුවන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. බිදී ගිය පාලම ලී යොදා තාවකාලිකව පිළියම් කර ගැනීමට ගම්වාසීන් කටයුතු කළත් එය එතරම් සාර්ථක වී නැහැ. පාසල් දරුවන් ඇතුලු බොහෝ පිරිසක් මෙම අබලන් පාලම නිසා පීඩාවට පත්ව තිබෙනවා. ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පටු පාලම පිළිසකර කර දීම හෝ මෙම ස්ථානයේ වෙනත් පාලමක් ඉදිකරදෙන ලෙසයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/qSuYihhPgfI”]