කොළඹ ගාලුමුවදොර පිටියේ ඉදිකෙරෙමින් පවතින ආදර්ශ වෙළදකුටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා.
ගාලු මුවදොර කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙසයි වෙළදකුටි පද්ධිතය ඉදිකෙරෙන්නේ. නාවික හමුදාව නව සැළැස්මකට අනුව ආදර්ශන වෙළදකුටි නිර්මානය කර තිබෙනවා. ගාලු මුවදොර පිටියේ ආකර්ශනීයත්වය තවත් වර්ධනය වන ආකාරයෙන් මෙම කුටි නිර්මාණය කළ යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න, ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.