මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට ගුරුවරුන් සහ සිසුන් විරෝධතාවල නිරතවනවා.
අත්අඩංගුවට පත්ව සිටින මියන්මාරයේ සිවිල් නායිකා අවුන්සාන් සුචී නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් ගුරුවරුන් මෙම විරෝධතාවට එක්ව සිටිනවා. පසුගිය සදුදා හමුදා කුමන්ත්රණයකින් මියන්මාරයේ බලය ආක්‍රමණය කළ හමුදා ප්‍රධානීන්ගේ ක්‍රියා කලාපය මේ වනවිට ජාත්‍යන්තරයේ ද දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
මියන්මාර නායිකා අවුන්සාන් සුචී අත්අඩංගුවට පත් වුවද ඇය රදවා සිටින ස්ථානය පිළිබදව මෙතෙක් අනාවරණය වී නැහැ. මියන්මාර ජනාධිපතිවරයා ද තවමත් බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.