ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරය කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මේ මාසයේදී ආරම්භවීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කළ බවයි අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සදහන් කළේ.
ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටව යාමට නියමිතව තිබුණේ මේ මස 20 වනදායි. බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් 35 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයේ ක්‍රීඩකයින් පුහුණුවීම් අතරතුර සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී ප්‍රධාන පුහුණුකරු හා ළහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික සංචිතය ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා.
ළහිරු තිරිමාන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහ උත්සවයකට සහභාගිවී ඇති අතර ඒ සදහා ක්‍රීඩකයින් පිරිසක් එක්ව සිට තිබෙනවා.