fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැව් පන්දහසක් සංවර්ධනය කෙරෙන වාරි සෞභාග්‍යා ජනපති සුරතින් ඇරඹේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2021 12:14

වැව් පන්දහසක් සංවර්ධනය කෙරෙන වාරි සෞභාග්‍යා ජනපති සුරතින් ඇරඹේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට වාරි කර්මාන්තය දියුණු කිරීම අරමුණුකර ගනිමින් වාරි සෞභාග්‍යා වැඩසටහන ක්‍රියාවට නැංවීමට පියවර ගැණුනා. එහි සමාරම්භය සනිටුහන් කෙරුණේ උතුරුමැද පළාතේ මහ ඇළ ව්‍යාපෘතියේ වාරි උමගේ ඉදිකිරීම් අරඹමින්.

එම කටයුතු අනුරාධපුර,  පළුගස්වැව,  මහමීගස්වැවදී සිදුකෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ එස් එම් චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මොරගහ කන්ද සහ කළු ගග වාරි ව්‍යාපෘතියේ ජලය උතුරුමැද හා වයඹ පළාත්වලට රැගෙන යාම අරමුණුකර ගනිමින් උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය සැළසුම් කෙරුණා. එහි පළමු අදියර කිලෝමීටර් 65 ක දිගින් යුත් ඉහළ ඇළහැර මාර්ගය,  මොරගහ කන්ද ජලාශයේ සිට හුරුළුවැව ආසන්නයේ ඇති යකල්ල දක්වා ඉදිකිරීමට නියමිතයි. ඇළ මාර්ගය සංවේදී පරිසර පද්ධතීන් හරහා වැටී ඇති බැවින් පරිසරය වහා වන ජීවීන් ආරක්ෂා කිරීම සදහා කිලෝමීටර් 27.7 ක දුරින් යුත් උමං මාර්ගය ඉදිකෙරෙන්නේ රුපියල් මිලියන 43,278 ක් වැය කරමින්.

වසර 4 ක් තුළ ඉදිකිරීම් අවසන් වන මෙම ව්‍යාපෘතියෙන් උතුරුමැද වගාබිම්වලට මහවැලි ජලය ලැබී යල මහ දෙකන්නය වගා කිරීමට ගොවීන්ට පහසුකම් හිමිවනවා.

එමෙන්ම වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2021 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්