ගම සමග පිළිසදර – වැඩසමග යළි ගමට වැඩසටහන හා 2021 අයවැය යෝජනා යථාර්තයක් වන ජාතික සම්බන්ධීකරණ අනුකමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.
ආර්ථික පුනර්ජීවනය හා ද්රර්ද්රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුවයි මෙම අනුකමිටු ක්‍රියාත්මක වන්නේ. ඒ සදහා සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළත්. උතුරු නැගෙනහිර හැර සෑම ප්‍රදේශයකම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පත්කර අවසන්. ඒවායෙහි සභාපති ධුර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පමණක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඉදීරියේදී අමාත්‍යාංශ මට්ටමින් සිදුවන ඉල්ලීම් හෝ චක්‍රලේඛ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිට සෘජුව යොමුකරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියා.
භාණ්ඩ වර්ග 28 ක් සදහා ඉදිරි මාස තුනට නිශ්පාදකයන් හා සෘජු ආනයනකරුවන් සමග ඉදිරි මිල පිළිබද එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව ලබන සතියේ සිට බඩුමිල අඩුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසුවා. සිංහල, හින්දු අලුත් අවුරුද්දට පෙර විදුලිය හා ජල සබදතා ලබා දී අවසන් කිරීමට ද මෙහිදී අමාත්‍යවරුන් එකගතාව පළකලා. මේ අතර රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වෘත්තිකයන්ද, මහජනතාව ද කොවිඩ් එන්නත ලබා ගැනීමට උනන්දුවක් දක්වන බව අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HLkIhbhb5a8″]