මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුද අවදානම්
Related Articles
දිවයිනේ ගිණිකොණ සිට දකුණ දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම ප්‍රදේශවල යාත්‍රා කිරීමේ දී නාවික සහ ධීවර ප්‍රජාව වඩා අවධානයෙන් කටයුතු කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.