මහියංගන රිදීමාලියද්ද, ඇගලුම් කම්හලක තවත් 45 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගෙන තිබෙනවා.
මේ අනුව මෙම කර්මාන්ත ආයතනයේ ආසාදිතයන් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇගලුම් කම්හල මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර කොරෝනා අවධානම හේතුවෙන් ප්‍රදේශයේ පාසල්වලට සිසුන් පැමිණීම ද අඩුවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර ජනතාව සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ පළදින්නේද නැද්ද යන්න සොයා බැලීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් කොළඹ ප්‍රදේශ කිහිපයකදී අද පැවැත්වුණා. මුඛය සහ නාසය නිසි ලෙස ආවරණය නොවන පරිදී මුඛ ආවරණ පැළදි පිරිස් වෙත පොලිසිය දැඩිලෙස අවවාද කළා. බොහෝ පිරිසක් මුඛ ආවරණ නිසිලෙස පළදා නැති බවයි දැකගත හැකිවුණේ.