වැලි ගොඩදැමීම සඳහා වැව් හාරපු යුගය අවසන් කර ජනතා අවශ්‍යතාව ප්රමුඛ කොට ගත් වාරි ප්‍රතිසංස්කරණ යුගයක් අරඹන බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය සජීව වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
වැව්වලට හානි වන ලෙස වැව් ඉස්මත්තේ ඉදිකරන ලද අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Fa8w569QPd0″]