කොරෝනා නව ප්‍රභේද ඇතිවීම වැළැක්වීම සදහා වෛරසයට එරෙහි එන්නත්කරණය අත්‍යවශ්‍ය කාරණයක් බව ඇමෙරිකාවේ ආසාත්මිකතා හා බෝවන රෝග විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි සදහන් කරනවා.
වෛරසයට එරෙහි එන්නත් හිගයක් ඇමෙරිකාව තුළ පැවතිය ද ප්‍රමුඛතාව මත එය ලබා දීම ඉතාමත් වැදගත් බවයි ඇන්තනී ෆවුසි පෙන්වා දෙන්නේ. දැනට නිෂ්පාදනය කර ඇති එන්නත් කොරෝනා නව ප්‍රභේද සියල්ලටම එරෙහිව ක්‍රියා කරනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව ද ඔහු කියාසිටිනවා. බ්‍රසීලය, දකුණු අප්‍රිකාව හා ඇමෙරිකාවෙන් මේ වන විටත් කොරෝනා නව ප්‍රභේද රැසක් සොයාගෙන තිබෙනවා. කෙසේ වුව ද දැනට භාවිතයේ ඇති එන්නත් සියල්ලම කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට සමත්ව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.