සිව් දෙස සුරැකි සිව්වසර තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලමණ්ඩල රැස්වීම් තවදුරටත් පැවැත්වෙනවා.
පොළොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බලමණ්ඩල රැස්වීම පැවැත්වූනේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාන්තා සම්මේලනය ගංගොඩවිලදී පැවැත්වුණා. කෝට්ටේ පොදුජන පෙරමුණ සංවිධායක පා.ම. මදුර විතානගේ මහතාගේ මූලිකත්වයෙනුයි එය සංවිධාන කර තිබුණේ. හිටපු පළාත් සභා මන්ත්‍රි අශෝකා ලංකාතිලක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.