සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නමැත්තා ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිඹුලාඇලේ ගුණා නමැත්තාගේ පුතා හා අතිදක්ෂ වෙඩිකරුවෙකු ලෙස සැලකෙන බුම්මා නමැත්තා ද ඔහු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන ද නිකුත් කර තිබුණා.
1999 වසරේදී කොටි ත්රස්තයන් හිටපු ජනාධිපතිනිය ඉලක්ක කර ගනිමින් කොළඹ නගර සභා පිටියේ පුපුරුවා හැරි මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කිඹුලාඇලේ ගුණා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා. එම පරීක්ෂණ සඳහා ඔහු සොයමින් සිටින අතරතුරයි මෙම අපරාධකරු ඉන්දියාවට පලාගොස් තිබුණේ. එදා මෙදා තුර මත්ද්‍රව්‍ය ඇතුලු ප්‍රධාන පෙළේ අපරාධ රැසක් සම්බන්ධයෙන් කිඹුලාඇලේ ගුණාගේ නම ප්‍රකාශ වුව ද ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නැහැ. එහෙත් වත්මන් රජය යටතේ ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ඇතුලු අපරාධ මැඩලීමේ මෙහෙයුම් ආරම්භ කළා. ඉදිරියේදී ද විදේශවල සිටින පාතාල හා මත්ද්‍රව්‍ය කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TBCOzP4J8c4″]