බෙරගල, හපුතලේ , දියතලාව, සංචාරක නගර සංවර්ධන වැඩසටහන පසුගියදා ආරම්භ වුණා.
බෙරගල, හපුතලේ , දියතලාව ආදි ප්‍රදේශ දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගත් කලාපයි. ඒ හේතුවෙනුයි මෙම නගර සංවර්ධනය කිරීමට රජය තීරණය කළේ. සංචාරකයින්ට වඩාත් පහසුකම් සැලසෙන ආකාරයෙන් මෙම නගර සංවර්ධනය කිරීම අරමුණයි.
එම කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. දිය ඇලි හා අවට භූමි අංලකරණය නැරඹුම් මධ්‍යස්ථාන සංවර්ධනය ආදිය මේ යටතේ සිදු කෙරෙනවා. සංචාරක පුරවරයට ඇතුළුවන බෙරගල ප්‍රදේශයේ නව පිවිසුම් දොරටුවක් ඉදිකිරීම ද ඊට අයත්. රුපියල් ලක්ෂ 60ක වියදමින් එම තොරණ ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.