නව කෘෂිකාර්මික නීතිවලට විරෝධය පළ කරමින් ගොවීන් උපවාසයේ යෙදෙන දිල්ලි අගනුවර ප්‍රදේශ තුනක අන්තර්ජාල සේවා අත්හිටුවා තිබෙනවා.
මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අද රාත්‍රිය දක්වා මෙම සේවා අත්හිටුවීම අඛණ්ඩව පවතින බවයි ඉන්දීය රජය සඳහන් කරන්නේ. ඒ අනුව දිල්ලි අගනුවර සිංගු, ගාසිපූර් සහ ට්රික්රි යන ප්‍රදේශවල මෙලෙස අන්තර්ජාල සේවා අත්හිටුවා තිබෙනවා. මාසයකට අධික කාලයක් ගොවීන් දස දහස් ගණනක් දිල්ලි නගරයේ අඛණ්ඩව විරෝධතා දක්වමින් සිටිනවා. වෘත්තිය සමිති සහ රජය අතර සාකච්ඡා ද බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.