අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය ඇරඹෙයි
Related Articles
ක්‍රිකට් පිටිය වර්ණවත් කරන ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් උරෙන්උර ගැටෙන අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා.
තරගාවලියේ පළමු තරගය ලෙස නෝර්දන් වොරියර්ස් කණ්ඩායම හා මරතා ඇරඹියන්ස් කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වොරියර්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර දහය අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 127 ක් රැස්කර ගැනීමට සමත් වුණා.
ලෙන්ඩල් සීමන්ස් පන්දු 31 කදී ලකුණු 54 ක් රැස්කළා. මේ වනවිට මරතා ඇරඹියන්ස් ක්‍රීඩකයින් පන්දුවට පහරදෙමින් සිටිනවා. තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.