fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෑන්ස් සිනමා උලෙළ කල් යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2021 12:26

කෑන්ස් සිනමා උලෙළ කල් යයි

වේගයෙන් පැතිරයන කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් සුප්‍රකට කෑන්ස් සිනමා උලෙළ පැවැත්වීම මෙම වසරේ ජුලි මාසය දක්වා කල්යන බව එහි සංවිධායකයින් පවසනවා.

වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේද කෑන්ස් සිනමා උලෙළ කල්දැමුණා. ලොව විශාලතම සිනමා උලෙළ ලෙස සැලකෙන කෑන්ස් සිනමා උලෙළට සහභාගිවන හොලිවුඩ් සුපිරි තරු ප්‍රංශයේ මෙඩිටරේනියන් නගරයට පැමිණෙන්නේ සති දෙකක පමණ කාලයක සිටයි. මෙවර සිනමා උලෙළ පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ ජුලි මස 6 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ බවයි සංවිධායකයින් වැඩිදුරටත් කියාසිටින්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2021 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්