පානදුර පල්ලිමුල්ල ප්රදේශයේ යතුරු පැදියකින් අද උදෑසන පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ කෙසෙල්වත්ත ප්රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි එක් දරු පියෙකු බවයි පොලීසිය ප්රකාශ කළේ. ඔහු තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ පානදුර දෙසට ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පල්ලිමුල්ල ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් මග හරස්කර වෙඩි තැබීම සිදුකර තිබෙනවා. ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළිවූ බව පොලීසිය පවසනවා.