fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් හමුදාපති අභියෝගතා පිරිමි ශූරතාව සංජීව ආරියරත්නට

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2021 12:31

ගුවන් හමුදාපති අභියෝගතා පිරිමි ශූරතාව සංජීව ආරියරත්නට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල් ගොල්ෆ් ලින්ක් සංවිධානය විසින් සංවිධාන කළ ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරගාවලිය සාර්ථකව අවසන් වුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය ඊගල් ගොල්ෆ් ක්‍රීඩා පිටියේ දීයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා‌‌ගේ මග පෙන්වීම මත මෙම තරගාවලිය සංවිධාන කෙරුණේ අට වෙනි වරටයි. දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයට වැඩි පිරිසක් තරගයට සහභාගි වුණා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුවන් හමුදාපති අභියෝගතා පිරිමි ශූරතාව සංජීව ආරියරත්න හිමි කරගත් අතර කාන්තා ශූරතාව අනූෂා සේනාධීර හිමි කර ගත්තා. ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහාකත්වය දැක්වූ අතර අනිලානා හෝටල් සමූහය සත්කාරක දායකත්වය ලබාදුන්නා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2021 12:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්