කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසනවා. මොවුන් ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. මෙම පිරිස නිවෙස්වලම සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටින අතර ඔවුන් සමීපව ඇසුරු කළ නිලධාරින් පිරිසක් පීසීආර් පරික්ෂණ සදහා යොමුකර තිබෙනවා. හෙට දිනයේදී ගුවන්තොටුපල නිලධාරීන් 140 දෙනෙකු පීසීආර් පරික්ෂණ යොමු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.