වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ක්රීඩා වැඩසටහනේ සම්මානයත් ස්වාධීන රූපවාහිනියට
Related Articles
ක්රීඩා පිටියේ අසිරිය වසර පුරා පුංචි තිරයෙන් ඔබට කියන රූපවාහිනි මහ ගෙදර තවත් සම්මානයකට පාත්ර වුණා. ඒ සියලු නාලිකාවල ක්රීඩා වැඩසටහන් අතරේ ස්වාධීන රූපවාහිනි විශිෂ්ටත්වය තහවුරු කරමින්.
SILK ක්රීඩා සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම රූපවාහිනි ක්රීඩා වැඩසටහනට හිමි සම්මානය දිනා ගැනීමට ස්වාධීන රූපවාහිනි Sports World වැඩසටහන සමත් වුණා. දෙස් විදෙස් ක්රීඩා තොරතුරු ගෙන එන ITN Sports World වැඩසටහනේ නිෂ්පාදකවරයා වන්නේ කපිල ලියනගේයි. sportsinfo ක්රීඩා ප්රවර්ධන ආයතනය හයවන වතාවට සංවිධාන කළ මෙම සම්මාන උළෙල ඊයේ පැවැත්වුණේ අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. විශේෂ ජූරියක් හරහා සම්මානලාභීන් තේරීම මෙම සම්මාන උළෙලේදී සිදු වෙනවා. මෙහිදී වසරේ විශිෂ්ටතම ක්රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මානය දිනාගත් අතර වසරේ ජනප්රියම ක්රීඩකයා සම්මාන හිමි කර ගත්තේ ඉසුරු උදානයි.