මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නවගම්පුර සදමාලි නමැති කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව ළඟ තිබී රුපියල් ලක්ෂ 12 කට අධික මුදල් සහ හෙරොයින් ද සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් අද උදෑසන කළ වැටලීමකදීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගැනුණේ. ඇය ළඟ තිබී රුපියල් ලක්ෂ 12 කට ආසන්න මුදලක් සහ හෙරොයින් ගෑම් 05 මිලිග්‍රෑම් 95ක් ද සොයා ගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවට පොලිස් බුද්ධි අංශ තොරතුරු හෙළිකරගෙන තිබුණා. මෙම කාන්තාව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.