අබුඩාබි ඉදලා ත්රිකුණාමලයට සිමෙන්ති අරගෙන ආපු නැවක් හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්රදීපාගාරය ලගදී ගල් පරයක ගැටීමෙන් අනතුරකට ලක්වුණා.
අනතුරට ලක්වන අවස්ථාවේදී නැවේ 18 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට තිබෙනවා.
ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ.
අද දහවල් 2 ට පමණ ත්රිකුණාමලය වරායට මෙම නෞකාව සේන්දු වීමටයි නියමිතව තිබුණේ.
මීටර් 180 ක් දිග මීටර් 30 ක් පමණ පළල ලයිබීරියානු ධජය යටතේ යාත්රා කළ යූරෝසන් නැමති මෙම නෞකාව ගලවා ගැනීම සදහා නාවිකා හමුදාවේ යාත්රා කිහිපයක් යොදවා තිබෙනවා.