පොළොන්නරුවේ ගම්මාන 11ක් වන අලීන්ගෙන් ආරක්ෂා කිරීම සදහා ඉදිකර තිබූ විදුලි වැටට විදුලිය සපයන උපකරණ සොරාගෙන ගොස් තිබෙනවා.
ජාතික ජලගැලුම් නිම්න උද්‍යානයේ සිට වන අලින් පැමිණිම වැළැක්වීම සදහා කිලෝමීටර් 11ක් දුරට විදුලි වැට ඉදි කෙරුණා. එයට විදුලිය සපයන උපකරණ කිසියම් පුද්ගලයෙකු සොරකම් කර තිබෙනවා.
එම උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වනවා. වන අලින් 25 ක් 30 ක් පමණ එකවර ගම්වදින බවත් එසේ පැමිණීම වැළැක්වීම සදහා විදුලිවැට ඉදිකළ බවයි ප්‍ර දේශවාසීන් පවසන්නේ. සොරකම පිළිබද පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.