කොවිඩ් නිසා ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය වෙනස් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2021 16:57

කොවිඩ් නිසා ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය වෙනස් වෙයි

ලොව ප්‍රසිද්ධ කෑන්ස් සිනමා උළෙල පවත්වන මාළිගය කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා.

ප්‍රංශයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් මෙම ස්ථානය ද යොදා ගැනීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. දිනකට පුද්ගලයින් සිය දෙනෙක් පමණ එන්නත්  කරණ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

මීට පෙර වසරවලදී මෙම මධ්‍යස්ථානය සුප්‍රකට නලු නිලියන්ගෙන් පිරී තිබුණා. අද එම ස්ථානය කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශයේ වයිරසය පැතිරීම වේගවත් වී ඇති හෙයින් නැවතත් රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර ඇති බව එරටින් ලැබෙන වාර්තා සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 22, 2021 16:57

Default