ස්පාඤ්ඤයේ හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එන්නත් ක්‍රියාවලියට බලපෑම් එල්ලවී තිබෙනවා.
සෙන්ටිමීටර් පනහක පමණ උසින් යුත් අයිස් තට්ටුවලින් මහාමාර්ග වැසී තිබීම හේතුවෙන් ගමනාගමනය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.
මේ දිනවල ස්පාඤ්ඤයේ නගර රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ දහය දක්වා පහත බැස තිබෙනවා. අධික සීතල හේතුවෙන් වයිරස් ව්‍යාප්තියද ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීමට කටයුතු කර තිබුණ ද ඒවා ප්‍රවාහනය සදහා බාධා එල්ල වී තිබෙනවා.
අධික හිම පතනයට හසුවූ විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ.