ඇමෙරිකාව විනාශයට පත් කළ කොරෝනා වයිරසය මර්දනය කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් දස වැදෑරුම් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.
එන්නත්කරණය වේගවත් කිරීම, පරික්ෂණ වැඩිකිරීම, මුඛ ආරවණ නිශ්පාදනය වේගවත් කිරීම ඒ අතර වනවා. වයිරස් ව්‍යාප්තිය පාලනය කිරිම සදහා තවත් මාස ගණනක් ගතවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සියලු දෙනා එක්ව කටයුතු කිරීම තුළින් ජයග්‍රහණය ළගා කර ගත හැකි බව ඔහු අවධාරණයෙන් කියා සිටිනවා.
ජෝබයිඩ්න් 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් දිනකට පසුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා නොකළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විවේචනයට ලක්වුණා.